දැරණියගල ගලහිටිකන්ද, සපුමල් කන්දවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දී ඝාතනය
කර තිබෙනවා

අද(10) උදෑසන කාලයේ දැරණියගල පොලිස් වසමේ ගලහිටිකන්ද, සපුමල් කන්දවත්ත
ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු විසින් පහර දී ඝාතනය කර ඇති බවට
දැරණියගල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස්
විමර්ශනයක් ආරම්බ කොට තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් සමඟ පවුල් ජීවිතයක් ගත
කර ඇති අතර මොහු එම කාන්තාවගේ පෙර විවාහයේ දරුවන් සමඟ ඇති වූ බහින් බස්
වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකිතුවාල ලබා තිබෙනවා.

පසුව මොහු කරවනැල්ල රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී මිය ගොස් ඇති බව
පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් අවුරුදු 50ක් වයසැති ගලහිටිකන්ද, සපුමල් කන්ද වත්ත ප්‍රදේශයේ
පදිංචිකරුවෙකි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දැරණියගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු
ලබනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here