ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිතා කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක්
දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතිනවා.

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශනයක් අරඹ කොට තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිතුමා වෙත පැවරුණු බලතල අනුව 2025 වර්ෂයේ වෙසක්
දිනය නිමිති කොටගෙන දැනට සිර දඩුවම් විඳින සිරකරුවන් හට පොදු සමාව ලබාදීමේ වැඩසටහන
අනුව පොදු සමාව ලබා දුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිපසදනෙකු බන්ධනාගාරය විසින්
අනීතික ලෙස සමාව ලබාදුන් සැකකරුවන් සේ සලකා නිදහස් කළ බවට පැමිණිල්ලක් 2015ජුනි 06
වන දින ජනාධිපති කාර්යාලය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

එම පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන
අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් මීට අදාළව ප්‍රශ්න කරමින් ප්‍රකාශ
සටහන් කරගෙන ඇත.

එමෙන්ම තවදුරටත් ලේඛන පරීක්ෂා කරමින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද
පොලිසිය පවසනවා.

මෙම පොදු සමාව අනීතික ලෙස භාවිතා කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් අසුගිය වෙසක් දින නිදහස්
කර ඇති බව විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතින බව පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස අනීතික ලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් සම්බන්ධ අදාල
බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධ සියලුම නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් අපරාධ
පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පිසින් සිදු කරනු ලබනවා.

එම විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව මීට ප්‍රථමද මේ ආකාරයෙන් ජනායිපති පොදු සමාව යටතේ
නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන්ද නිදහස් කර ඇති බවටද
තොරතුරු හෙළිදරව් වෙමින් පවතින බව පොලිසිය පවසනවා.

ඒ සම්බන්ධවද ඉදිරි විමර්ශන සිදු කරන අතර බන්ධනාගාරය තුළින් මෙලෙස අධිකරණයක් මගින්
වරදකරුවන් වූ පුද්ගලයන් අනීතිකව නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here