සේවය අත්හිටුවා ඇති බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය හෙට (11)
දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.
බන්ධනාගාරගතකර සිටි සිරකරුවෙකු අනීතික ලෙස ජනධිපති පොදු සමාව යටතේ නිදහස්
කිරීමේ චෝදනාව මත තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ (09) රාත්‍රී අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගනු ලැබුවා.
අද (10) දහවල් තුෂාර උපුල්දෙණිය මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක
මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (11)දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට
නියම කළා.
එමෙන්ම හෙට දිනයේදී තුෂාර උපුල්දෙණිය මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත්
කරන ලෙස ද නියම කරනු ලැබුවා.
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර සිරකරුවන් නිදහස් කිරීම පිළිබද ලද පැමිණිල්ලට
අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සිදු කර ගෙන යනු ලබන විමර්ශනවලට අදාළව
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකිරීම සඳහා බන්ධනාගාර
කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ වැඩ තහනම් කිරීමට ඊයේ දහවල් රැස් වූ කැබිනට්
මණ්ඩලය තීරණය කළා.