ඇලස්කාවේ – ඇලූටියන් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞකාවක් ගිනිගැනීමට ලක්ව තිබෙනවා.
විද්‍යුත් මෝටර් රථ 800ක් ඇතුළු වාහන 3,000ක් මෙක්සිකෝව වෙත රැගෙන යමින් තිබියදීයි මෙම ගිනි ගැනීම සිදු ව ඇත්තේ.
ගින්න මැඩ පැවැත්වීම සදහා නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට හැකි වී නැහැ.
මේ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22 දෙදෙනෙකු නෞකාව අතහැර ජීවිත ආරක්ෂක බෝට්ටු මගින් ඉන් ඉවත් වී ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ව උතුරු පැසිෆික් සාගරයේ ගමන්ගත් වෙළඳ නෞකාවක් විසින් බේරාගෙන තිබෙනවා.
මේ අතර, 2023 වසරේදදී ද ජර්මනියේ සිට සිංගප්පූරුව දක්වා විද්‍යුත් මෝටර් රථ 500කට ආසන්න සංඛ්‍යාවක් ඇතුලුව සමග මෝටර් රථ 3,000ක් රැගෙන යමින් තිබූ නෞකාවක් ගිනිගැනීමට ලක්ව තිබූ බව විදෙස් වාර්තාවල සඳහන්.