‘ජාතික ආරක්ෂක අවදානම්’ තත්ත්ව උපුටා දක්වමින්, අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12 ක ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කරමින් සංචාරක තහනමක් පනවා තිබෙනවා.
අමෙරිකා ජනාධිපතිවරයා, ඊයේ (04) ඊට අත්සන් තැබූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මෙම තහනම බලාත්මක රටවල් අතරට ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, සමක ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය අයත්.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම තහනම ජුනි 9 වන සඳුදා සිට ක්‍රියාත්මක වන බවයි.
ඉහත රටවල් 12ට අයත් ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම සීමා වන අතර, තවත් රටවල් හතක ජනතාවට අර්ධ සීමා කිරීම් බලාත්මක වනු ඇති.
එම රටවල් අතරට බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව අයත්.
මෙම තහනමේ නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවන්, පවතින වීසා බලපත්‍රලාභීන්, ඇතැම් වීසා කාණ්ඩ සහ එක්සත් ජනපද ජාතික අවශ්‍යතා සඳහා සේවය කරන පුද්ගලයින් සඳහා ව්‍යතිරේක ඇතුළත් වේ.
මෙම ප්‍රකාශය ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය වන 2017 දී නිකුත් කළ නියෝගයක් යළි ආවර්ජනය කරන්නක් ලෙස ද පෙන්වාදිය හැකිය.
එනම් ට්‍රම්ප් විසින්, මුස්ලිම් බහුතර රටවල් හතකින් එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරන බවට කළ ප්‍රකාශය යළි සිහි කැඳවීමයි.
එමෙන්ම මෙම සංචාරක තහනම ට්‍රම්ප් සිය 2024 මැතිවරණ ව්‍යාපාරයේදී දුන් පොරොන්දුවක් ඉටු කරන්නක් ද වේ.