ලංකාවේ සිට මුබ්බායි බලා ගිය MV Wan Hai 503 නෞකාවේ ඊයේ (09)දින සිදුවූ පිපිරීමෙන් හතර දෙනෙකු අතුරුදන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

මෙම නෞකාව තුළ කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙදෙනෙකුගෙන් සමන්විත වූ මෙම නෞකාවේ සාමාජිකයින් 18 දෙනෙකු දැනට බේරාගෙන ඇති බවයි සඳහන් වන්නේ .

සිද්ධියෙන් නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා සිංගප්පූරුවද කණ්ඩායමක් යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ .

ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයට ආසන්න අරාබි මුහුදේ සිංගප්පූරු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය තවදුරටත් උත්සාහ ගනිමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ සිට ඉන්දියාවේ මුබ්බායි නගරය බලා යමින් තිබූ MV Wan Hai 503 නම් වූ මෙම නෞකාවේ අභ්‍යන්තර පිපිරීමක් ඊයේ (09) දින සිදුවූ අතර එහි ප්‍රථිඵලයක් ලෙස නෞකාවේ ගින්නක්ද ඇති වුණ බවයි සඳහන් වන්නේ .

බේරාගත් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනොගෙන් ඇතැම් පිරිස් තුවාල ලබා ඇති බව ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමටද පියවර ගෙන තිබෙනවා .

සිංගප්පූරු සමුද්‍රීය හා වරාය අධිකාරිය පැවසුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු අතුරුදන් වී ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු තායිවාන් ජාතිකයෙකු බවත් එක් අයෙකු මියන්මාරයේ සහ තවත් අයෙකු ඉන්දුනීසියානු ජාතිකයෙකු බවත් සඳහන් .

මේ අතර නෞකාවේ තෙල් කාන්දුවක් සහ සුන්බුන් ඇතිවීමේ අවදානම හේතුවෙන් ඉන්දීය ජාතික සාගර තොරතුරු සේවා මධ්‍යස්ථානය කේරළ වෙරළ තීරයට අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවද වාර්තා වෙනවා .

මේ අතර වාර්තා වන පරිදි නෞකාවේ තිබූ බහාලුම් 50ක් මුහුදුට වැටී ඇති බවද ඉන්දීය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා .

මෙම MV Wan Hai 503 නම් වූ මීටර් 270ක් දිගින් යුත් මෙම යාත්‍රාව පසුගිය ජුනි 7 වැනි දින කොළඹ වරායෙන් පිටත් වී මුම්බායි බලා යමින් තිබූ අතර එය මුම්බායි නවා ශෙවා වරාය වෙත ජුනි 10 වැනි දින පැමිණීමට නියමිතව තිබුණ බවයි සඳහන් වන්නේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here