ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතරට පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ඇතුළත් කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ.
පවන් රත්නායක, පසිඳු සූරියබණ්ඩාර, ලහිරු උදාර, තරිඳු රත්නායක සහ සොනාල් දිනූෂ මෙලෙස ටෙස්ට් වරම් ලද නවක ක්‍රීඩකයින් බවයි වාර්තා වන්නේ.
මේ අතර වසර වසර 06 කට පසු දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ද ශ්‍රී ලක ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමිව ඇති බවයි වාර්තා වුණේ.
බංග්ලාදේශයට එරෙහිව පළමු ක්‍රිකට් ටෙස්ට් ලබන 17 වන දින ගාල්ලේ දී ආරම්භ වනවා.