2025 ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ අද (03) පැවති අවසන් මහා තරගය ජය ගැනීමට Royal Challengers Bengaluru කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 06කින් Punjab Kings කණ්ඩායම පරාජයට පත් කරමින්.
ඒ අනුව ඔවුන් මෙවර IPL ජයග්‍රාහී කිරුළට හිමිකම් කියනු ඇති.
අද අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Royal Challengers Bengaluru කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 190ක් රැස් කරගැනීමට සමත් වුණා.