ඊයේ (ජුනි 10) දින නිමාවට පත්වුණු, Manhunt International – 2025 තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමට, ශ්‍රී ලංකාව නියෝජනය කළ පියුමාල් සිතුම් සමත් වුණා.
තරගාවලිය පැවැත්වුණේ තායිලන්තයේදීයි.
Manhunt International තරගාවලිය මෙවර පැවැතියේ, එහි 23 වන සංස්කරණය ලෙසයි.
එහි ශූරතාව ප්‍රංශයේ ඇඩෝනිස් රෙනෝඩ් හට හිමිවූ අතර, එහි ඉහළම පස්දෙනා අතරට පිළිවෙලින් ශ්‍රී ලංකාව නියෝජනය කළ පියුමාල් සිතුම්, ජැමෙයිකාවේ රයිම් රයිට් (Rhyeme Wright), පිලිපීනයේ ජෝර්දාන් සැන් ජුවාන් (Jordan San Juan) සහ වියට්නාමයේ වු ලින් නුයෙන් (Vu Linh Nguyen) අයත්.
Manhunt International තරගාවලිය ආරම්භ කරන ලද්දේ 1993 වසරේදීයි.
මීට ඉහත, එනම් 2017 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති 18 වන Manhunt International තරගාවලියේදී මෙරටින් ඉදිරිපත් වූ මොහොමඩ් වසීම් (Camer Mohamed Wazeem) විසින් සිව්වන ස්ථානය (Runner-up 3) හිමිකරගැනීම ද විශේෂය.

