පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කර, තලවතුගොඩ, මොනාර්ච් හෝටලයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබේ යයි මාධ්‍ය වාර්තා කරනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් හෙට (17) පස්වරු 2ට මේ රැස්වීම පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා එක් පොලිස් ස්ථානාධිපතිවරයකු රුපියල් 7,000ක මුදලක් සහ ඩීසල් ලීටර් 10කට අවශ්‍ය වියදම් ලබාදිය යුතු බවට නියෝග කර තිබෙන බව පැවසෙනවා. එක් පොලිස් කොට්ඨාසයකින් එක් බස් රථයක් බැගින් මේ රැස්වීම සඳහා පිරිස ගෙන ඒමට යෙදවිය යුතු බවට ද දැනුම් දී ඇති බව කියනවා.
මීට මාස දෙකකට පෙර පොලිස්පතිවරයාගේ කාර්යාලයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත්තේ ප්‍රදේශයේ කීර්තිමත් විශ්‍රාමික පුද්ගලයන් දෙදෙනෙකුගේ නම් එවන ලෙසයි.
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් විදුහල්පතිවරුන්, රජයේ සේවයේ සිටි ඉහළ නිලධාරීන් වැනි පුද්ගලයන්ගේ නම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් මගින් පොලිස්පති කාර්යාලය වෙත යොමුකළ බව වාර්තා වෙනවා.
අදාළ නම් එවන ලද පුද්ගලයන් ඇමතීමට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට අවශ්‍ය වී ඇති බවත්, ඒ සඳහා සියලු පහසුකම් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින්ම සැපයිය යුතු බවත් ඉන්පසු දැනුම් දී තිබෙනවා. ඒ අනුව පොලිස් කොට්ඨාස 45න් වායු සමනය කරන ලද බස් රථ 45ක් යොදවන ලෙසත්, අදාළ පුද්ගලයන්ගේ ආහාර සහ හෝටලයේ වියදම් සඳහා රුපියල් 7,000 බැගින් ලබාදෙන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව විමසීමට අදාළ මාධ්‍ය ආයතන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සම්බන්ධ කරගැනීමට උත්සාහ ගෙන තිබුණත් එය සාර්ථක නොවූ බවයි කියන්නේ.