

Hot News
Watch : ගේම් ගහන්න සල්ලි හොයන්න ත්‍රීවිල් ඉස්සූ අයෙක් මාට්ටු
අන්තර්ජාල ක්‍රීඩාවන් සඳහා මුදල් සොයා ගැනීමට ත්‍රීවිල් රථ සොරකම් කළ පුද්ගලයෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැනට මාස කිහිපයක සිට පානදුර මූලික රෝහලට රෝගීන් බැලීම සඳහා රෝහලට පැමිණෙන පුද්ගලයින්ගේ ත්‍රීවිල් රථ දිගින් දිගටම සොරා ගැනීම් සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය සිදුකළ සිදු කළ විමර්ශනයකදී එම ත්‍රීවිල් රථ සොරාගත් පුද්ගලයා කළුතර අපරාධ කොට්ඨාසය මගින් ඊයේ දින අත්අඩංගුවට ගැනුණා.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම ස්ථානයෙන් සොරකම් කරන ලද ත්‍රීවිල් රථ වාහන පොත් නොමැතිව අලෙවි කිරීම සඳහා මුහුණු පොතේ ඇති පිටුවේ ඡායාරූප යොදවා මොහු විසින් විකුණන ලද ත්‍රීවිල් රථ ඇඹිලිපිටිය ,රත්නපුර ගාල්ල වැනි ප්‍රදේශවල තිබී පොලිසිය විසින් පොලීසිය විසින් සොයා ගෙන ඇත.ඔහු විසින් සොරකම් කර විකුණා දමා තිබූ ත්‍රීවිල් රථ හතරක් මේ වන විට සොයාගෙන ඇති අතර අනෙක් ත්‍රීවිල් රථ සොයා ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම ත්‍රීවිල් රථ සොරකම සම්බන්ධයෙන් මොහු පොලිසියට පවසා ඇත්තේ ඔහු අන්තර්ජාලයේ මුදල් යොදවා සිදුකරන ක්‍රීඩාවන් වලට තදබල ලෙස ඇබ්බැහි වී ඇති බවත් එම මුදල් සොයා ගැනීම සඳහා මෙම ත්‍රීවිල් රථ විකුණා මුදල් ලබා ගැනීම සිදුකර ඇති බවයි.
එමෙන්ම යතුරු යොදා ක්‍රියාවිරහිත කොට ඇති ත්‍රීවිල් රථ නැවත පණ ගැන්වීම සඳහා මොහු අන්තර්ජාලයෙන් ලබාගත් දැනුම උපයෝගී කරගනිමින් එම ත්‍රීවිල් වල වයර් ගලවා ත්‍රීවිල් පනගැන්වීම සිදුකර ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
මෙම සොරකමට සම්බන්ධ සැකකරු පානදුර නගරයේ සැරිසරන බවට ලද තොරතුරක් මත ඊයේ දින මොහු පානදුර නගරයේ දී කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු පානදුර රෝහල ඉදිරිපිට සැරිසරන අයුරු සහ ත්‍රීවිල් රථ සොරාගෙන යන ආකාරය සීසීටීවී කැමරාවල සටහන්ව තිබුණි.
සැකකරු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(සම්පත් කුලරත්න – කළුතර )
Hot News
Watch : දින 3ක් අතුරුදන්ව සිටි වැලිපැන්නේ තරුණියගේ දේහය ඇල ඉවුරකින් හමුවෙයිWatch :

දින තුනකට පෙර අතුරුදන්ව සිටී 24 හැව්රිදි තරුණියගේ මළසිරුර ඇය දියේ ගිළී අතුරුදහන් බවට සැක කෙරුණු වැලිපැන්න ඇලේ මීගම තොටුපල ආසන්නයේ කිලෝමීටර් 5 ක් පමණ ඈතින් පිහිටී ඇල ඉවුරක තිබී අද පස්වරුවේ හමුවූ බව වැලිපැන්න පොලිසිය පවසයි .
වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචිව සිටී මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති 24 හැව්රිදි තරුණියකගේ මළසිරුර මෙසේ හමුව ඇති බවත් ඇයගේ ඥාතියෙකු විසින් මළසිරුර හදුනාගෙන ඇති බවත් පොලිසිය කීය.
වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචි තරුණියගේ පියා දින දෙකකට පෙර කල පැමිණිල්ලක් මත දැරිය සොයා පොලිසිය පරීක්ෂණ කල බවත් ඒ සදහා මාකෝ පොලිස් නිළ සුනඛයාගේ සහයද ලබාගෙන තිබුණි.
තරුණිය දින 27 දා රාත්‍රි සිට අතුරුදන් බවට පැමිණිල්ලේ සදහන්ව ඇති බවත් , ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය කීය.
අතුරුදන්ව තරුණිය පැළද සිටී සෙරෙප්පුවක් නිවස ආසන්නයේ පිහිටී වැලිපැන්න ඇල ඉවුරේ තිබී සොයාගෙන තිබූ අතර ඒ අනුව ඇය දියේගිලී කිසියම් අනතුරක් සිදුව ඇති බවට අනුමාන කර පොලිසිය පොලිසිය පරීක්ෂණ සිදුකර තිබේ.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකල අතර හදිසි මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබූණි
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාම්න්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වති.
(සම්පත් කුලරත්න- කළුතර)
Hot News
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා

ඊයේ දිනය පුරා බණ්ඩාරගම ,පානදුර, කළුතර ප්‍රදේශවල තියුණු ආයුධ පෙන්වා මංකොල්ලකෑම් වල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් දෙදෙනා මොරොන්තුඩුව ප්‍රදේශයේ දී මොරොන්තුඩුව ගෝනදූව ඉන්ධන පිරවුම්හලට තියුණු ආයුධ දෙකක් ද රැගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණි තිබෙනවා.
එම අවස්ථාවේ ඉන්ධනහලේ පොම්පකරු තියුණු ආයුධ දැක ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කොට දිවගොස් ඇති අතර ඉන් පසුව එම යතුරු පැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා බලහත්කාරයෙන් ඉන්ධන පොම්පය ක්‍රියාත්මක කර ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර එය ව්‍යාර්ථ වූ පසු ඔවුන් දෙදෙනා ඔහු සන්තකයේ තිබූ තියුණු ආයුධ දෙක විසිකර දමා නැවතත් ඉන්ධන ලබා දෙන ලෙස ඉන්ධන පොම්පකරුගෙන් ඉල්ලා සිටි අතර ඉන් පසුව ඉන්ධන පොම්පකරු පැමිණ ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීම සිදු කරන ලද අතර ඔවුන් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් රුපියල් 2000 ක මුදලක් ද පොම්පකරු ට ලබා දී ඇත.
මෙම යතුරුපැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශයේ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ වූවන් බවට හඳුනාගෙන ඇති අතර මේ වෙන විට ඔවුන් සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට ලැබී තිබේ.
(සම්පත් කුලරත්න – කළුතර)
Hot News
වැල්ලවායේ අනතුරකින් පුද්ගලයකුට බරපතළ තුවාල

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් පහේ කණුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.
එම අනතුරින් යතුර පැදියේ ගමන් ගත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මෙසේ අනතුරට ලක් වී ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)


-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි