

Hot News
බමන මතින් ඇළට වැටී අතුරුදහන් වූ එක්දරු පියාගේ සිරුර සොයා ගැනේ
හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට වැටි අතුරුදහන් වු එක්දරු පියාගේ සිරුර දික්ඔය ඇළෙහි තිබි (12) දින දහවල් සොයාගත් බව හැටන් පොලිසිය පැවසිය.
මෙසේ දික්ඔය ඇළට වැටි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් දික්ඔය ඔස්බොන් වත්ත ඉහල කොටසේ පදිංචි චන්ද්‍රසේකරන් සුරේෂ් නැමති (28) හැවිරිදි එක්දරු පියෙකි.
ජිවිතක්ෂයට පත් එක්දරු පියා (11) දින පස්වරුවේ හැටන් නගරයට පැමිණ අධික ලෙස බිමත්ව සිය නිවස කරා බස් රථයකින් ගමන් කර , බස් රථයෙන් බැස එම මාර්ගයේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක ජල ටැංකිය වෙත නැග සිටියදි ජල ටැංකියට බැවුමේ පිහිටි දික්ඔය ඇළට ඇද වැටි අතුරුදහන් වි තිබුණි.
අතුරුදහන් වු එක්දරු පියාගේ සිරුර සොයා (12) දින උදැසන සිට හැටන් පොලිසියේ නිලධාරින් සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් දියත් කර තිබු අතර , පසුව එක්දරු පියා දික්ඔය ඇළට වැටි ඇති ස්ථානය අසල ඇළෙහි තිබි සිරුර සොයාගෙන ඇත.
ජිවිතක්ෂයට පත් පුද්ගලයාගේ බිරිද විදේශ ගත වි ඇති බවත්, (12) දිනට යෙදි ඇති දිපවාලි උත්සවය නිමිත්තෙන් ඔහු (11) දින සිටම අධික ලෙස මත්පැන් පානය කරමින් සිටි බවයි එම වතුයායේ වතුකම්කරුවන් කියා සිටියේ.
ජිවිතක්ෂයට පත් පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කල බව හැටන් පොලිසිය පැවසිය.
(හැටන් රංජිත් රාජපක්ෂ)





Hot News
වැල්ලවායේ අනතුරකින් පුද්ගලයකුට බරපතළ තුවාල

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් පහේ කණුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.
එම අනතුරින් යතුර පැදියේ ගමන් ගත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මෙසේ අනතුරට ලක් වී ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)

Hot News
නව කැලණි පාලම තාවකාලිකව වැසේ

නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.
සිදුකෙරෙන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.


Hot News
අක්‍රීයව පවතින Gmail ගිණුම් ඉවත් කිරීම හෙට සිට ඇරඹෙයි

පසුගිය වසර දෙක තුළ භාවිතා නොකරන අක්‍රීයව පවතින Gmail ගිණුම් මකා දැමීම හෙට (01) දිනයෙන් ආරම්භ කරන බව Google සමාගම පවසයි.
ඒ අනුව Google Drive, Docs, Calendar, Meet, සහ Google Photos යෙදුම්වල ඇති සියලුම අන්තර්ගතයන් පරිශීලකයින්ට අහිමිවනවා.
ගිණුම මකා දැමීමට පෙර පරිශීලකයින්ට දැනුම්දීම් කිහිපයක් යැවීමට නියමිත අතර මේ හරහා නැවත ගිණුම් සක්‍රිය කර ගැනීමට කාලයක් ලබාදෙන බවත් වාර්තා වෙනවා.
-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි