පාසල් නිමා වි නිවස කරා යමින් සිටි පාසල් ළමුන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල් ළමුන් 08 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත (17) දින ඇතුලත් කර ඇති බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ නොර්වුඩ් එල්බොඩ දමිල මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් සිව්දෙනෙකු සහ සිසුන් සිව්දෙනෙකු බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

පාසල අසල පිහිටා ඇති විශාල ගසක බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි (17) දින පස්වරු 2 ට පමණ තමන්ට පහර දුන් බවත්, එම වතුයායේ වතු කම්කරුවන්ට තමන්ව බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බවයි  බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසු සිසුවියන් කියා සිටියේ.

ප්‍රදේශයේ පවතින දැඩි සුලං සහ අධික වර්ෂාව හේතුවෙන් තේ වතු වල ගස් වල බැද ඇති බඹර කුඩු ඇවිස්සෙන බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.

(හැටන් රංජිත් රාජපක්ෂ )

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here