රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ක්‍රොකස් ප්‍රසංග ශාලාවට එල්ලවූ ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති බැව් ද සඳහන් වනවා.
මේ අතර, එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය සොව පළ කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
මේ බැව් මාධ්‍ය වෙත දැනුම් දී ඇත්තේ එරට නියෝජ්‍ය අගමැති ටැට්යානා ගොලිකොවා විසිනු යි.
ජනාධිපතිවරයා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නෙ.