යුක්තිය මෙහෙයුම අතරතුර සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ දූෂණ මර්දන ඒකකය මඟින් සිදුකළ වැටලීමකදී කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ නිලධාරියා 2021 වසරේ සැප්තැම්බර් මස පොලිස් සේවයට බැඳී මුලික පුහුණුව හදාරා කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති අතර ඔහු නිවාඩු ලබා පිටව ගොස් සිට ඇති අතර, පසුව අසනීප බව දන්වා සේවයට වාර්තා නොකර සිටිය දී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here