මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තයේ නියුතු බොහෝ පිරිසක් අද බදු පිළිබඳ ගැටළුවලට මුහුණ දී සිටිනවා. එම ගැටළු විසඳීම සම්බන්ධව ජනාධිපතිතුමාගේ අවධානය යොමුව තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

 ඔහු මේ බව සඳහන් කර සිටියේ චීනකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ සංගමය විසින් සංවිධානය කළ “Gem Sri Lanka 2024” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා,

මුදල් අමාත්‍යවරයා ලෙස බදු පිළිබඳ කතා කිරීමට හැකියාව තිබෙන්නේ ජනාධිපතිවරයාට. අප බලාපොරොත්තු වෙනවා එතුමා මේ ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසදා මැණික් කර්මාන්තය විදේශ විනිමය උපයන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට නගා සිටුවනු ඇතියි කියා. ඇතැමුන් ජනාධිපති වීමේ අපේක්ෂාවෙන් “සූට්” මහගෙන ඉන්නවා. නමුත් මෙම ප්‍රශ්නවලට විසදුම් ලබා දීමට ඔවුන්ට හැකියාවක් නැහැ. එම විසදුම් ලබාදිය හැක්කේ ජනාධිපතිතුමාට පමණයි. එදා මේ රට තිබු තත්ත්වය ඔබ කවුරුත් දන්නවා. එදා ඩීසල් තැබුණේ නැහැ. ජනතාව පෙට්‍රල් ෂෙඩ්වල ඇණ කොටා ගත්තා. එම තත්ත්වය අවසන් කළේ ජනාධිපතිතුමා.අපි මේ රට නැවත භාර දෙන්නේ එය හොද තැනකට ගෙන ඒමෙන් පසුවයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here