යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 863 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 39 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 303 ක්, අයිස් ග්‍රෑම් 141 ක් සහ ගංජා කිලෝ 10 යි ග්‍රෑම් 565 ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.