අද මඩකලපුවේ සිටි පොළොන්නරුව දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියට දොළොස් වෙනිදා සවස 4.00 ට පමණ වැලිකන්ද දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයෙන් ගමන් කරමින් තිබූ බොලරෝ වර්ගයේ රථයක් ගැටී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් යුවළගෙන් රියැදුරු බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා ඇත්තේ වැලිකන්ද මොනරතැන්න අංක 63 ලිපිනයේ පදිංචි සිටි 57 වියති දෙදරු පියකු වන එච්.එම්. තිලකරත්න යන අය වන අතර ඔහුගේ කැබ්රියෙන් පැන ජීවිතය බේරාගෙන ඇති බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුවන මොහොත වනවිට අනාරක්ෂිත දුම්රිය මාර්ග බාධකයේ මුරකරු නොසිටි බවද ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

මෙම අනතුර පිළිබඳව වැලිකන්ද පොලිසි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

(මනම්පිටිය නිමල් ජයරත්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here