ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් පොලොන්නරුව ලක්ශ උයන කර්මාන්තපුරයේ ඉදිකරන ලද නව පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීම ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබිණි.
මෙම නව පොහොර කර්මාන්ත ශාලාව මගින් කාබනික පොහොර හා රසායනික පොහොර වර්ග දෙකම නිෂ්පාදනය කරනු ලබන අතර නයිට්රජන්,පොස්පරස් හා පොටෑසියක් මූලික පොහොර අඩංගු පොහොර නිෂ්පාදනය කරනු ලබන අතර පැයකට මෙට්‍රික් ටොන් නිෂ්පාදන ධාරිතාවක් මෙම පොහොර කර්මාන්ත ශාලාව සතුය.
මෙම නව පොහොර කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාව සදහා මහා සංඝරත්නය ඇතුලු ඩඩ්ලි සිරිසේන මහතාගේ පවුලේ නෑදෑයින් ඔහුට හිතවත් ව්‍යාපාරිකයින් පිරිසක්ද සහභාගි වී සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන මහතා තම අදහස් මෙසේ දක්වා සිටියේය.
ජනතාවගේ ජීවත්වීම සදහා ආහාර අත්‍යාවශ්‍යයි.රටේ ජනතාවගේ ප්‍රධාන ආහාර තමයි බත.ඒ නිසා ඒ බත නිෂ්පාදනය කිරීම සදහා අත්‍යවශ්‍ය දෙයක් තමයි පොහොර කියන්නෙ .අවුරුදු 75ක් තිස්සෙ මේ රටේ පාලනය කරපු හා කරගෙන යන සියළු දෙනාට මතක් කරනවා.මේ රටේ ජනතාව දිනෙන් දින ජනතාව පීඩාවට පත්වෙමින් යනවා.නමුත් මේ රට පාලනය කරනු ලබන පාලකයින්ට මේ රට ගොඩ ගැනීම සදහා ජාතික ප්‍රතිපත්තියක් නෑ.නමුත් මේ පාලකයින්ට මේ රට හදන්න ජාතික ප්‍රතිපත්ති හදන්න නොහැකිවෙලා තියෙනවා.ඒ නිසා මේ රට ගොඩගන්න බැරි නම් පුලුවන් කෙනෙකුට මේ රට කරන්න බාරදීලා යන්න කියලා කියනවා.ඩඩ්ලි වෙලදපොලේ කීරි සම්බා හංගලා තියෙනවලු.මේ හිගයට ඩඩ්ලි වග කියන්න ඕනලු.කීරි සම්බා හංගලා මං කන්නද.ඒ නිසා ඩඩ්ලිලා නිපුනලා ගැන දොස් කියන්නෙ නැතුව මේ රටේ ආර්ථිකයත් එක්ක සෙල්ලං කරන්න හදන්න එපා.සෙල්ලං කරන්න දෙන්නෙත් නෑ.අපේ රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් විනාශ කලේ අපේ රටේ දේශපාලකයො.ඒක මම නොබියව කියනවා.ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් ඕන කෙනෙක් එක්ක විවාද කරන්න මම සූදානම්.
(උපුල් සාන්ත – පොලොන්නරුව)