ඊයේ (16) පස්වරුවේ කැලණි ගඟේ කිඹුලෙකු විසින් ඩැහැගත් දස හැවිරිදි දරුවාගේ නිසල සිරුර හමුවී තිබෙනවා.
දරුවාගේ සිරුර අඹතලේ ජල පවිත්‍රාගාරය අසල තිබී සොයාගත් බවයි වාර්තා වෙන්නේ.
මෙලෙස කිඹුලාට බිලි වූයෙ දිස්න ප්‍රබෝද් පෙරේරා නැමති 10 හැවිරිදි දරුවෙකු වන අතර ඔහු කඩුවෙල වැලිවිට ශාන්ත අන්තෝනි මාවතේම පදිංචිකරුවෙක්.
මිත්තණිය රෙදි සෝදන අතරතුර දරු දෙදෙනා ඇය ආසන්නයෙන් ගඟට බැස දිය නාමින් සිටිය දී එක්වරම පැමිණි කිඹුලෙකු මෙම දරුවා ඩැහැගෙන ගොස් තිබුණා.
සොයාගත් සිරුර හෙට (18) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.