කරාපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකුට සහ සේවිකාවකට පෙරේදා (17) සවස පහරදුන් බව කියන පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෙද්‍යවරයා ලබන 22 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ ක්‍රිශාන්ත පෙරේරා නම් විශේෂඥ වෛද්‍යවරයා මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවා.
ඉකුත් 16 වනදින පවත්වන ලද වැඩ වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයන් එක් නොවන බව කියා සිටියත් ඔවුන් වැඩ වර්ජනයට එක්විිම සම්බන්ධයෙන් වෛද්‍යවරයා සහ සේවක පිරිස අතර ඇතිවු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් වෛද්‍යවරයා විසින් මෙම පහරදිම සිදුකර ඇතැයි අධිකරණයේදී කියැවිණි.