පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී ගුරුවරුන්ට පහර දීමට විරෝධය දක්වමින් කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ගුරුවරුන්ද අද දින විරෝධතාවක නිරත වුණා.
ඩී එස් සේනානායක විද්‍යාලයේ ප්‍රධාන පිවිසුමේ සිට ගුරුවරුන් පාගමනින් පුවරු ප්‍රදර්ශනය කරමින් බෞද්ධාලෝක මාවතේ පිහිටි ඩී එස් සේනානායක විද්‍යාලයේ අනෙක් පිවිසුම දක්වා පැමිණ එම ස්ථානයේදී පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුනා.
විරෝධතා උද්ඝෝෂණය සඳහා ඩී එස් සේනානායක විද්‍යාලයේ ගුරුවරුන් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් කියාසිටියේ ගුරුවරුන්ට අත නොතබන ලෙසයි. එමෙන්ම ගුරුවරුන් කිසිම දිනක පිං පඩි ඉල්ලන්නේ නැති බවත් ලැබිය යුතු වැටුප පමණක් ඉල්ලන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා.
මෙහිදී ගුරුවරුන් කිහිප දෙනෙකු ද අදහස් දැක් වූ අතර එහි සිටි එක් ගුරුවරයකු ප්‍රකාශ කර සිටියේ තම ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් මරාගෙන මැරීමට වුණත් සූදානම් බවයි
උද්ඝෝෂණයට එක්ව සිටි එක් ගුරුවරියක් ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන තම දරුවාද රැගෙන උද්ඝෝෂණයට එක්ව සිටිනු දක්නට ලැබුණා.
එම ස්ථානයට යුද හමුදාවෙන් ද පැමිණ සිටිනු දක්නට ලැබුණා.
(දමිත් වානගුරු කොළඹ)