විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින්ට සහය ලබා ගැනීම සඳහා  ක්ෂණික දුරකථන සේවාවක් දියත් කරයි.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය මැදපෙරදිග පවතින වත්මන් ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමතීමට සහ ඕනෑම සහයක් ලබාගැනීමට කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් හදිසි දුරකථන අංක දෙකක් ස්ථාපිත කර ඇත.

ක්ෂණික දුරකථන අංක පහත පරිදි වේ.

0094711 757 536

0094711 466 585 

ට අමතරව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය සාමාන්‍ය කාර්යාල වේලාවන්හිදී +94 112 338 837 ස්ථාවර දුරකථන අංකයෙන් සහ විද්‍යුත් තැපෑලෙන් repatriation.consular@mfa.gov.lk ඇමතීමට හැකිය.

සියලුම ශ්‍රී ලාංකිකයින්ට මෙයින් උපදෙස් දෙනු ලබන්නේ ඉතාමත් ප්‍රවේසම් වන ලෙසත්, ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වළකින ලෙසත්, ඕනෑම හදිසි අවස්ථාවකදී ටෙල් අවිව් (ඊශ්‍රායලය) සහ රමල්ලා (පලස්තීනය) හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන ලෙසත් ය. 

විදේශ කටයුතු අමාත්යංශය 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here