දිවුලපිටිය නගරයේදී ලක්ෂ 90කට අලෙවි කරන්න ගිය ගජ මුතු සමග සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති නිහාල් දිසානායක මහතා සමඟ නිලධාරීන් පිරිසක් දිවුලපිටිය නගරයේදී පුද්ගලයින් දෙදෙනෙකු සමග කජුමුතුවක් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු කබුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් අනිත් සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.
ලක්ෂ අනූවකට අලෙවි කරන්න ගිය ගජ මුතු සමග සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙක් 2024-01-23 දක්වා මීගමුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අනිත් සැකකරු ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහැරේ.
(මිනුවන්ගොඩ දමිත් තිසර)