හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේ (21) දින පැවැත් වු ජාතික තෛපොංගල් දින සැමරුම් උත්සවය හේතුවෙන් ක්‍රිඩාංගණය පුහුණුවිම් කටයුතු පවා සිදු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව හැටන් ප්‍රදේශයේ ක්‍රිඩා පුහුණුවිම් කටයුතු වන නියැලෙන ක්‍රිඩකයන් චෝදනා කර සිටිති.
බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය , ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය , හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව , නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාව එක්ව ජාතික තෛපොංගල් දින සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.
ජාතික තෛපොංගල් දින සැමරුම් උත්සවයට මැති ඇමතිවරුන් , ආණ්ඩුකාරවරුන් සහ දකුණු ඉන්දියානු සිනමා නිලියන් කිහිපදෙනෙකුද සහභාගි වි සිටි අතර , එම සැමරුම් උත්සවයේදි තෛපොංගල් සැමරුම් උත්සවය වෙනුවෙන් ක්‍රිඩා පිටිය තුල නර්තන අංග , කෝලම් රටා , පොංගල් බත් 1008 ක් පිසිම ඇතුළු හින්දු සංස්කෘතික අංග රාශ්‍රියකින් සමන්විත වි තිබුණි.
ඉන්දියාවෙන් පැමිණි නිළියන්ද වතුකරයේ තරුණ තරුණියන් සමග ක්‍රිඩා පිටිය මධ්‍යයේ තිබු වේදිකාවේ නර්තනයක යෙදි සිටි අතර , එම උත්සවයට වතුකරයේ දෙදහසකට අධික පිරිසක් සහභාගි වි සිටිහ.
මෙම උත්සවය පැවැත්විමට දින පහකට පමණ පෙර ක්‍රිඩාංගණය සම්පුර්ණයෙන්ම වසා දමා තිබු බවත්, උත්සවය අවසන් විමෙන් පසු ක්‍රිඩාංගණය පුහුණු විම් සහ ශාරිරික ව්‍යායාම සිදු කරගෙන යාමට සුදුසු තත්ත්වයට නගර සභාව විසින් සුද්ද පවිත්‍ර කර නොමැති බවයි හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේ පවතින බාධක මැද පුහුණුවිම් කටයුතු සිදු කරන ක්‍රිඩකයන් කියා සිටියේ.
ජාතික මට්ටමේ ක්‍රිඩකයන් කිහිපදෙනෙකු බිහි කල හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයට වර්තමානයේ කුඩම්මාගේ සැලකිලි ලැබි ඇති බවත්, එය අංග සම්පුර්ණ ක්‍රිඩාංගනයක් බවට පත් කිරිමට නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් හෝ හැටන් දික්ඔය නගර සභාවට නොහැකි වි ඇති බවයි හැටන් ප්‍රදේශයේ ක්‍රිඩා පුහුණුවිම් කටයුතු සිදු කරන පිරිස කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් අප හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි.වි.පි.බණ්ඩාර මහතා සම්බන්ධ කර ගැනිමට ඔහුගේ ජංගම දුරකථන අංකයට අවස්තා කිහිපයකදි උත්සහ කලද දුරකථනය ක්‍රියා විරහිත කර තිබිම නිසා හැටන් දික්ඔය නගර සභාවේ ස්ථාවර දුරකථන අංකයට ඇමතුමක් ලබාදි නිලධාරියෙකුගෙන් කල විමසුමකට එම නිලධාරියා කියා සිටියේ ලේකම්වරයා ක්ෂේත්‍ර පරික්ෂාවක් සදහා නගර සභාවෙන් පිටව ගොස් ඇති බවයි.
(හැටන් රංජිත් රාජපක්ෂ)



