ඓතිහාසික මිහින්තලා පුදබිමට හා විහාරාධිපති හිමියන්ට නිගරු දෙන ආකාරයට Youtube නාලිකාවකින් අසත්‍ය ප්‍රචාරය කිරීම හා කප්පම් ඉල්ලූ පුද්ගලයෙකු අනුරාධපුරයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඓතිහාසික මිහින්තලා පුදබිමට හා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන්ට නිගරු දෙන ආකාරයේ අසත්‍යය තොරතුරු පෞද්ගලික Youtube නාලිකාවකින් ප්‍රචාරය කිරීම හා එම විහාරාධිපති හිමියන්ගෙන් කප්පම් ඉල්ලීම හා මරණීය තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද දහවල් අනුරාධපුරයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2022 වර්ෂයේ සිට මිහින්තලා පුදුබිම මුල් කරගනිමින් මෙම කප්පම් ඉල්ලීම් හා නිගරු කිරීම සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් පවසයි.
මෙම අත්අඩංගුවට ගැනීම හේතුවෙන් අද දිනයේදී ඓතිහාසික මිහින්තලා පුදබිමට සාධාරණය සහ යුක්තිය ඉටු වූ දවසක් ලෙස සඳහන් කළ හැකි බවත් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයාට , මහජන ආරක්ෂක අමාත්‍යවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ස්තුතිය පුද කරන බව ද නායක හිමියන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසයි .
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනුලැබුවා සේම නිසියාකාරව නීතිය ක්‍රියාත්මක වනු ඇති බවට විශ්වාස පළ කරන බවත් මෙම පුද්ගලයා මහා නායක හිමිවරුන්ට, අධිකරණයට , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු රාජ්‍ය ආයතන වලටද චෝදනා කරන බවද නායක හිමියන් පවසයි.
(ඉන්දික රංගජිව – අනුරාධපුරය)