සංචාරක ව්‍යාපාරයට නවමු අත්දැකීම් රැසක් එක් කිරීම උදෙසා දායකත්වය ලබා ගැනීමේ අරමුණ ඇතිව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රධානීන් අද (26) හමු විය.
සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම,සංචාරක කර්මාන්තයේ නව ප්‍රවනතාවයන් වෙනුවෙන් ආරක්ෂක අංශවල දායකත්වය ලබා ගැනීම යනා දී කරුණු රැසක් පිළිබඳ එහි දී දීර්ඝ වශයෙන් ඵලදායී සාකච්ඡාවක් පවත්වා තිබේ. සංචාරක කර්මාන්තය ගොඩනැගීම උදෙසා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙහි දී සිය ප්‍රසාදය පළ කර ඇත.
විශේෂයෙන්ම ගුවන් හමුදාව සමඟ එක්ව සංචාරක කර්මාන්තය ගොඩනැංවීම සඳහා අභ්‍යන්තර ගුවන් සේවයක් ආරම්භ කිරීමත්, නාවික හමුදාවේ දායකත්වය ඇතිව සමුද්‍ර සංචාරක ව්‍යාපාරයට අදාළ සමූද්‍ර සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම, යුද හමුදාවේ සහ පොලිසියේ ද දායකත්වය ඇතිව ජීවිතාරක්ෂක වැඩපිළිවෙළක් බලගැන්වීම වැනි කාර්‍යයන් පිළිබඳව ද, මෙහි දී පුළුල් වශයෙන් සාකච්ඡා කර තිබේ. ඊට අමතරව ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “උරුමය” ඉඩම් ඔප්පු බෙදා දීමේ වැඩසටහන පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක් විය.