ඉංගිරිය ප්‍රදේශයේ රිය අනතුරකින් තරුණ කාන්තාවක් මරණුවට පත්වීමේ ශෝකය දරාගත නොහැකිව ඇයගේ ස්වාමිපුරුෂයා ද වස පානය කොට ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි.
පසුගිය 20 වන දින රාත්‍රී 8.15 ට පමණ ඉංගිරිය ඇලබට පාරේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් යතුරු පැදියක ට පිටුපස ගමන් ගත් (20) හැවිරිදි ඉංගිරිය ඇලබඩ පාර පදිංචි ගිෂා දිල්තුෂා සමන්මලී නැමැති තරුණ කාන්තාව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) සවස 5.30 පමන මියගොස් ඇතයි පොලිසිය පවසයි.
එම අනතුරින් ඔහුගේ සැමියා ද සුලූ තුවාල ලබා හොරන රෝහලේන් ප්‍රතිකාරද ලබා ඇති අතර පසුව බිරිඳ බැලීමට කොළඹ මහා රෝහල බලා පිටත්ව ගොස් ඇත බිරිදව බලා නිවසට පැමිණි තරුණයා සුළු වෙලාවකින් කාමරයේ දොර වසා ගෙන ඇත. පසුව නිවැසියන් බැලීමේදී තරුණයා ශෝකය දරා ගැනීමට නොහැකි බව පවසා වස පානය කර ඇත නිවැසියන් හැකි ඉක්මනින් තරුණයා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇත. මේ වන විට තරුණයා කරන රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මිය ගිය තරුණියගේ පියා ධීවර රැකියාව කරන අතර ඔහු මේ වන විට ධීවර රැකියාව සඳහා ලංකාවේ සිට මුහුදු සැතපුම් දෙසීයක පමණ එහා සිටින බව පවසයි.
(ගල්පාත චන්දන පෙරේරා)