මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා වන ඩිල්ෂාන් ප්‍රනාන්දු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් තිබෙනවා.
මිය යන විට 33 හැවිරිදි වියේ පසු වූ ඔහු පුත්තලම ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙනවා.
නිව්මෝනියාව ආසාදනය වීම හේතුවෙන් මොහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බව වාර්තා විය.
හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
කෙසේ වෙතත්, එහිදී රෝගය උත්සන්න වීම හේතුවෙන් මිය ගොස් ඇති බව සඳහන් වේ.