අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්, ව්‍යාජ රන් භාණ්ඩ බැංකුවල උකස් තැබීම සහ විවිධ චෝදනා සම්බන්ධයෙන් වරෙන්තු 19ක් ලැබ සිටි පුද්ගලයෙකු භික්ෂුවක් ලෙස පෙනී සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනව.
සැකකරු මහාධිකරණ වරෙන්තු 12ක්, මහේස්ත්‍රාත් අධිකරණ වරෙන්තු 07ක් සහ විභාග වෙමින් පැවති නඩු 04ක් සම්බන්ධ ව අධිකරණයෙන් වරදකරු කර සිටි අයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂිකා මුතුමාල මහත්මිය ඇතුළු කණ්ඩායමක් 2008 වසරේ දී අතුරුදන් වූ සැකකරු සෙවීම සඳහා විමර්ශන ආරම්භ කරන්නේ ඉන් අනතුරුවයි.
ඒ අනුව සිදු කළ විමර්ශනවල දී අදාළ සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානයක පැවිදි ව සිටින භික්ෂුවක් ලෙසට පෙනී සිටින බවට තොරතුරු ලැබී තිබිණි.
සැකකරු මහරගම රතන හිමි ලෙස 2008 වසරේ දී පැවිදි වී ඇති අතර, එතැන් සිට මේ දක්වා ඔහු භික්ෂුවක් ලෙස එම භාවනා මධ්‍යස්ථානයේ පෙනී සිට ඇත.
ඒ අනුව විමර්ශන නිලධාරීන් ඔහුව, ඊයේ (26) පස්වරුව් සැකකරුව එම භාවනා මධ්‍යස්ථානයේ දී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.
එහි දී අදාළ භාවනා මධ්‍යස්ථානය භාර ස්වාමීන් වහන්සේ විසින් මහරගම රතන හිමියන් ලෙසට පෙනී සිටි පුද්ගලයාගේ චීවරය ගලවා සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ඇඳුම් අන්දවා විමර්ශන නිලධාරීන් වෙත භාර දී ඇත. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.