බෙලිඅත්ත සිටිනාමළුව බංගලාවත්තේ තෙමහල් නිවසක ඉහළ මහලේ නීති විරෝධී අන්දමින් කුෂ් වර්ගයේ කංසා වගාවක් පවත්වාගෙන ගිය ඇමරිකානු ජාතිකයකු බෙලිඅත්ත පොලිසිය විසින් ඊයේ(27) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විදෙස් ජාතිකයා කුලී පදනම මත ලබාගත් නිවෙසක මෙම වගාව සුක්ෂමව පවත්වාගෙන ගොස් තිබිණි. සැකකාර පුද්ගලයා සිය බිරිඳ සමග එම නිවෙසේ පදිංචිව සිට තිබිණි.

ඉහළ මහලයේ කොටසක් වටකර පොලිතින්වලින් සැකසු ආවරණයක් තුළ මල් පෝච්චිවල මෙම කංසා වගාව පවත්වාගෙන ගොස් තිබේ.

එම වගාවට විදුලි පංකා පවා යොදා තිබී ඇත. අඩි හතරක් පමණ උසට වැඩුණු කංසා පැළ විස්සකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය සොයාගෙන තිබිණි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි තොරතුරු අනුව බෙලිඅත්ත පොලිසිය විසින් සැකකාර විදෙස් ජාතිකයා අත්අඩංගුවට ගනු ලැබීය.

(තංගල්ල – සහම්පති මානගේ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here