CCTV ආවේක්ෂණ පද්ධතිය ඔස්සේ කොළඹ නගරයේ රථ වාහන වැරදි සිදුකළ වාහන 675ක් හඳුනාගෙන ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.

මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් හඳුනාගැනීම සඳහා CCTV නිරීක්ෂණ ක්‍රමවේදය පසුගිය 22 වනදා ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා.

ජනවාරි 31 වනදා දක්වා මෙය දඩ පත්‍රිකා ලබා දීමකින් තොරව ක්‍රියාත්මක වන අතර පෙබරවාරි 01 වනදා සිට CCTV මගින් හඳුනා ගන්නා රථ වාහන වැරදි සිදුකළ වාහනවලට දඩ පත්‍රිකා නිකුත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here