නිමල් ලන්සා මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් අලුතින් හදපු සන්ධානය මුළුමනින්ම රජයට සම්බන්ධ එකක් ඒකෙන් ආරාධනා කලාට අපි ඔවුන් එක්ක එකතු වෙන්න සූදානම් නැහැ  ආණ්ඩුවක් ලබා ගන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳව අදහස් දැක්වීමේ විශේෂ මාධ්‍ය හමුවක් (29) නුවරඑළිය සිය කාර්යාලය පවත්වමිනි.

වැඩිදුර අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

එයාලා එක්ක අපි එකතු වනවාට වඩා හොඳයි රජය එක්ක කෙලින්ම ගිහින් එකතු වෙනවා .මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සූක්ෂම ක්‍රමවේදයක් කෙලින් කතා කරන්නේ නැතුව වක්‍රව කතා කරන එක.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපිට කෙලින්ම ආරාධනා කළත් අපි ගියෙ නෑ. එයාගේ ප්‍රතිපත්ති පැහැදිලි නෑ.එයා දැන් කතා කරන්නේ අවුරුදු විසිපහකට පස්සේ වෙන දේවල් එතකොට රනිල් වික්‍රමසිංහ පණපිටින් ඉන්නෙත් නෑ අපි පණපිටින් ඉන්නෙත් නෑ ඔක්කොම මැරිල ගිහින්.මුලින්ම බඩගින්නෙ ඉන්න ජනතාවට කන්ඩ දීලා ඉන්න ඕන.රනිල් වික්‍රමසිංහට පස් පාරක් දීලා බැලුවා වගේ රාජපක්ෂලාට තුන් පාරක් දීලා බැලුවා වගේ සජිත් ප්‍රේමදාසට එකපාරක් දීලා බලමු . එයා වැඩේ හරියට කරේ නැත්තං ඊළඟ පාර වෙනස් කරමු .

(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here