බුදුන්වහන්සේ සියලු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගි වෙත්වා යනුවෙන් මිස අනුන්ගේ මරණයේදී ප්‍රීතිඝෝෂා නගන්නට දේශනා නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අද (29) පැවසීය.

සිංහල බෞද්ධ සහ සිංහල ක්‍රිස්තියානි ජනතාව වැඩි පිරිසක් ජීවත්වන ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ අර්බුදයක් ඇති බව කී දිසානායක මහතා විපතේදි ප්‍රිති වියහැකි, ප්‍රිතිය බුක්තිවිදින නව දේශපාලන සංස්කෘතියක් මෙරට තුළ බිහිවෙමින් ඇති බව ද සඳහන් කළේය.

දේශපාලඥයින් අනෙකා වෙනුවෙන් කෙතරම් පරිත්‍යාගයක් සිදුකළේද යන්න දැන ගැනීමට  අභ්‍යන්තරය කියවා බැලිය යුතු බවයි අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

පසුගියදා සම්මත කළ Online Safety පනත බලගතු මදි බවත් සමාජ මාධ්‍යවල උදේ සවස නිවන් සුව ප්‍රර්ථනා කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළ අතර රට ගොඩනගන්නේ ඔවුන්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් බවයි ඔහු පැවසුවේ.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here