දිවයිනේ  බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සතියක කාලය තුල  දිස්ත්‍රික්ක පහක පවුල් 1791 කට අයත් පුද්ගලයින් 6848  දෙනෙකු පීඩාවට පත් ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

 ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන ආකාරයට  රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 169 කට අයත් පුද්ගලයින්  657 දෙනෙකුද, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල්  453 කට අයත් පුද්ගලයින්  1674 දෙනෙකුද, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 1160 කට අයත් පුද්ගලයින් 4486 දෙනෙකුද,  මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් අටකට අයත් පුද්ගලයින් 28 දෙනෙකුද, තුරුණෑගල දිස්ත්‍රික්කයේ එක් පවුලක පුද්ගලයින්  තිදෙනෙකුද වශයෙන් පවුල් 1791 කට අයත් පුද්ගලයින් 6848 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත්  නිවාස 24 ක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස  957 කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය තව දුරටත් කියයි.

පවුල් 214 කට අයත් පුද්ගලයින්  732 කු ආරක්ෂිත මධ්‍යස්ථාන නවයක රඳවා ඇති බවත්  එම මධ්‍යස්ථානය කියයි.

(මොහොමඩ්  ආසික්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here