විශ්‍රාම යාමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අනුප්‍රාප්තික වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදී සිදු විය.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වසර 42කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කොට අද (30) දින විශ්‍රාම ගැනීමට නියමිත බැවින් සාම්ප්‍රදායානුකූලව අනුප්‍රාප්තික වේත්‍රධාරී වෙත මෙසේ සෙංකෝලය සහ සිය අසිපත භාරදීම සිදු විය.
පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී වන නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා 2018 වසරේ සිට වේත්‍රධාරී ධුරයේ රාජකාරි ඉටු කළේය. මේ අනුව හෙට (31) දින පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා වැඩ භාර ගැනීමට නියමිතය.




