ශ්‍රී ලංකා ගමනාකමට මණ්ඩලයේ අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයටයට අයත් භාවිතයෙන් ඉවත් කර තිබූ අධි සුඛෝපභෝගී බස් රථ 17ක් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කිරීම ප්‍රවාහන මහ මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් රත්මලාන පරිශ්‍රයේදී පුනරුත්ථාපනය කෙරුණු මෙම බස් රථ අලුත්වැඩියාවන් සඳහා වැය වී තිබෙන්නේ රුපියල් මිලියන දහයකට වඩා අඩු මුදලක් වීම විශේෂත්වයකි.
මෙම එක් බස් රථයක් අධිවේගී මාර්ග තුළ ධාවනය කිරීම තුළින් දිනකට රුපියල් ලක්ෂයකට අධික ආදායමක් උපයා ගත හැකි බව එම අමාත්‍යාංශය කියා සිටියා.