පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට ඊශ්‍රායලය එකඟ වන්නේ නම් සිය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් බව හමාස් සංවිධානය පවසයි.

ඊශ්‍රායලයේ සිරමැදිරි තුළ සිටින සියලු පලස්තීන වැසියන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

එසේ නොකළහොත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳ ඊශ්‍රායලයේ අරමුණු සපුරා ගැනීමට අපහසු වනු ඇතැයි, හමාස් සංවිධානය පෙන්වා දෙයි.

පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා තමන් සූදානම් නොමැති බවයි ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ,

ප්‍රාණ ඇපකරුවන් ආරක්ෂිතව නිදහස් කරගැනීමට තමන් සෑම විකල්පයක්ම යොදන බව නෙතන්යාහු වැඩිදුරටත් පවසයි.

හමාස් සංවිධානය සමග පවතින ගැටුම්වල දෙවන අදියර ආරම්භ වී ඇති බවයි මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here