මේ මොහොතේදී ජනාධිපති අපෙක්ෂකත්වයට වත්මන් ජනාධිපතිවරයාට වඩා සුදුස්සකු තම පක්ෂයේ සිටීනම් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදීම සුදුසු බවත් එසේ සුදුස්සකු නැතිනම් ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටම ලබාදිය යුතු බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා පවසන්නේ මේ මොහොතේදී පක්ෂයට වඩා රට ගැන සිතා අභියෝගවලට මුහුණදිය හැකි අනාගතවාදී නායකයකු පත්කරගත යුතු බවයි. වත්මන් ජනාධිපතිවරයා ඒ සඳහා ඉහළම සුදුසුකම් ඇති බවද ඔහු පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගනෙහිමුල්ල කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමට ඊයේ (4) සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.