සමඟි ජන බලවේගයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆෝන්සේකාගේ මූලිකත්වයෙන් නිර්පාක්ෂික ජන බලවේගය නමින් නව පක්ෂයක් ආරම්භ කර තිබෙනවා.
එම පක්ෂයේ නිල ෆේස් බුක් පිටුව පසුගිය ජනවාරි 03 දින නිර්මාණය කර තිබුණා.
රටේ ඉදිරි ගමන සඳහා පක්ෂ භේදවලින් තොරව ජාතික සංවර්ධන ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කළ යුතු බවද එහි දැක්වෙනවා.
පසුගියදා හිටපු හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගය පක්ෂයට එකතු කර ගැනීම සම්බන්ධයෙන් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දැඩි විරෝධයක් පළ කළා.
ඒ හේතුවෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සරත් ෆෝන්සේක මහතා අතර මතභේදාත්මක තත්වයක්ද හට ගෙන තිබුණා.
දයා රත්නායක මහතා පක්ෂයට එක් කරගත්තා නම් දැන් ගෝඨාභය රාජපක්ෂද පක්ෂයට එක් කරගත හැකි බවයි සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසා සිටියේ.