ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (30) මෙරට වේලාවෙන් පස්වරු 2.00ට පුනේ හිදී ආරම්භ වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති අතර ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද හිමිවුණි.

ඒ අනුව දුෂ්මන්ත චමීර අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here