නුවරඑළිය පොලිස් වසමට අයත් නුවරඑළිය මාගස්තොට කටුමාන පදිංචි ශිවකුමාර් දිලක්ෂන් (වයස අවු :12) පාසල් සිසුවෙක් (11) දින දහවල් ප.ව. 01.00ට පමණ්ස් නිවස අසල කුඩා ගසක රෙදි කැබැල්ලක් බැඳ සෙල්ලම් කරමින් සිටියදී එම රෙදි කැබැල්ලට ගෙල සිරවීමේන් එම ස්තානයේම මිය ගොස් ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.
දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලේ බාල දරුවා මෙලෙස මියගොස් ඇති අතර මෙම දරුවාට අමතරව ගැහැණු දරුවන් දෙදෙනෙකු මෙම පවුලේ සිතිටි ඉන් එක් දරුවෙක් උසස් අධ්‍යාපනය හදාරන අතර අනිත් දරුවා නිවසේ රැඳී සිට ඇත.
දරුවාගේ පියා මීට වසර පහකට පෙර රෝගී තත්ත්වයක් නිසා මියගොස් ඇති බවද ඉන් අනතුරුව දරුවා සමගින් මව පමණක් නිවසේ ජීවත්වී ඇති බවද නිවැසියන් පවසයි.
සිද්ධිය පිළිබඳ අවට ප්‍රදේශවාසීන්ගෙන් අප කළ විමසුමකට ඔවුන් කියා සිටියේ එම දරුවා සෑම දිනකම එම ස්ථානයේ සෙල්ලම් කරන බවත් මිය යන දිනයේත් උදෑසන සිට එම ගස අසල සෙල්ලම් කරමින් සිටි බවයි.
නිවස තුළ සිටි සිය මව සහ සහෝදරිය සෙල්ලම් කිරීමට ගොස් වැඩි වේලාවක් ගත වුවත් නිවසට නොපැමිණි තම දරුවා පිළිබඳ සොයා බැලීමේදී දැකගැසීමට හැකිවී ඇත්තේ නිවස අසල ගසක එල්ලී සිටීම බවද මව සහ සහෝදරිය පැවසීය.
නුවරඑළිය මහේස්ත්රාත්වරයාගේ ස්ථානයේ පරීක්ෂණයෙන් අනතුරුව දේහය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ගෙනයාමට නියමිත අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව හෙට (12) දින දේහය නැවත භාරකරුවන් වෙත ලබාදීමට නියමිතය.
සිසුවාගේ මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකිරීමට නියමිතය.
(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)