හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්කළ සුඛෝපභෝගී රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
එහිදී, ඔහු පැය 5ක පමණ ප්‍රකාශයක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.
සනත් නිශාන්ත මහතාගේ රිය අනතුර සිදුව ඇති ආකාරය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සනත් නිශාන්තගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය විසින් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.