අනුරාධපුර – මිහින්තලය, කැලෑ තිරප්පනය ප්‍රදේශයේදී සැමියකු විසින් සිදුකල පහරදීමකින් පසුව කාන්තාවක් ජීවිතක්ෂයට පත්වෙයි .
මෙසේ පහර දීමකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු විසි එකක් (21) පමණ වයසේ පසු වූ විවාහක කාන්තාවකි.
ඊයේ රාත්‍රියේදි මෙම අඹුසැමි යුවළ අතර ඇතිවූ බහින්බස්වීමක් අතරතුර සැමියා විසින් තම බිරිඳට, මන්නයක මිටකින් සිදුකල පහරදීමක් මෙම කාන්තාව සිහිමෘර්ජා ගතියකට පත්ව ඇති බවත් පසුව සැමියා විසින්ම සිය බිරිඳ නිදිකරවා සැකකරු ද නින්දට ගොස් ඇති බවත් උදෑසන එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවත් දැනට සිදුකල පරීක්ෂණ වලදී අනාවරණය කරගත් බව පොලිසිය පවසයි .
පොලීසියේ නිලධාරීන් උදෑසන එහි යන විටත් මිය ගොස් සිටි තැනැත්තියගේ ස්වාමිපුරුෂයා සිය නිවසෙහිම රැඳී සිට ඇති අතර එහිදී ඔහු පොලිසිය වෙත භාර වී තිබේ.
මෙම මරණය පහරදීමකින් ද නැතිනම් වෙනත් හේතුවකින් ද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරි කටයුතු මිහින්තලය පොලිසිය මගින් සිදු කරනු ලබන අතර අනුරාධපුරය පොලිසියේ ස්ථානීය පරීක්ෂණ පොලිස් කණ්ඩායම විසින් ද පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලැබීය.
(ඉන්දික රංගජිව – අනුරාධපුරය)