ඊයේ (16) 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු සිහිසුන්ව විද්‍යාලයේ ගසක් යට වැටී සිටියදී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඉන් එක් සිසුවකුගේ තත්ත්වය බරපතළ වන බවයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු කියා සිටියේ.
මෙම සිදු වීමට මුහුණ දී ඇත්තේ ඉබ්බාගමුව ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් පිරිසක් වන අතර රෝහල්ගත කර සිටින සිසුන් සිව්දෙනාම ලිහිණිවැහැර අවට පදිංචිකරුවන්.
මොවුන් කිසියම් හඳුනා නොගත් මත්පෙති වර්ගයක් පානය කර ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.
කිසියම් පෙති වර්ගයක් ගස යට වැටී තිබී අහුලාගෙන පානය කළ බවට සිසුන් පැවසුවත් මේවා කිසියම් වැඩිහිටියෙකු මේ සිසුන්ට දුන්නේද යන්න පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.