ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (19) දින පැවැත්වෙන විස්සයි විස්ස දෙවන තරගය සදහා ප්‍රවේශ පත්‍ර අවසන් වීම හේතුවෙන් දඹුල්ල ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල ක්‍රීඩා ලෝලීන් නොසන්සුන්තාවයක පත්ව ඇත.

එයට හේතු වී ඇත්තේ ප්‍රවේශ පත්‍ර ඉල්ලමින් ක්‍රීඩා ලෝලීන් එහි තිබූ තාවකාලික යකඩ වැටවල් පවා බිඳ දමා කටයුතු කර ඇත. පොලීසිය ⁣පැමිණ එය පාලනය කිරීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ඇති වී ඇති තත්වය පිලිබඳව පවසන්නේ ඉදිරි තරග සඳහාත් මේ වනවිට සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here