රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වූ කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණීයක දුෂණය කර මරා දැමීමේ චෝදනාවන්ටට වරදකරු වු ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය මරණ දඬුවම අද(19) නියම කළාය.
අධිකරණයේ දැල්වෙමින් තිබු විදුලි බුබුල නිවා දමා ක්‍රියාත්මක වෙමින් තිබු විදුලි පංකා අක්‍රීය කර විත්තිකරුට මරණීය දඬුවම පැනවු විනිසුරුවරිය ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ කිරීමට නියම කළා.
දාම ඝාතක අපරාධකරු මෙම විත්තිකරුම බව DNA තාක්ෂණය යොදා ගනිමින් නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණීල්ල මෙහෙයවු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් ඔහුට මරණ නියම කළාය.
රත්නපුර කොටකෙතන ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් කාන්තා ද්විත්ව ඝාතන රැල්ලක් වශයෙන් ක්‍රියාත්මක වු අතර කාන්තා ද්විත්ව ඝාතනයක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වුයේ රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ පදිංචි මරණකාරියන්ගේ අසල්වැසියකු වු අකුරුගොඩ ජයලත්ගේ නීල් ලක්‍ෂමන් (42) නැමතිකුටය.
2019 ජුලි මස 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී ලියනාරච්චිගේ ප්‍රේමවතී (63) සහ හේවාගේ පුෂ්පාකුමාරී (32) නමැති මව සහ දියණීය ඝාතනය කිරීම” හේවාගේ පුෂ්පාකුමාරී නමැත්තිය දුෂණය කිරීම යන චෝදනා මත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
(ගයාන් කුඩාගම රත්නපුර)