ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ලකුණු 72 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 187 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී සධීර සමරවික්‍රම ලකුණු 51 ක් හා ඇන්ජලෝ මැතිවුස් ලකුණු 42 ක් හා ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 115 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩාම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2 ක්, බිනුර ප්‍රනාන්දු කඩුලු 2 ක්, වනිඳු හසරංග කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
මේ අනුව තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.