ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණේ සේවකයින් වැඩ වර්ජනයක් දියත් කිරීම හේතුවෙන් සංචාරකයින්ට තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එම නිසා ලොව වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් වූ අයිෆල් කුළුණ ඊයේ (19) සිට තාවකාලිකව වසා දමා තිබේ.

ලබන ජූලි 26 වැනි දා පැරිස් නුවරදී ආරම්භ වීමට නියමිත ඔලිම්පික් උළෙල නිමිත්තෙන් මේ දිනවල අයිෆල් කුළුණේ අලුත්වැඩියා කටයුතු ද සිදු කරමින් පවතිනු ඇත.

අයිෆල් කුළුණේ සේවකයින් මේ කරුණ සම්බන්ධයෙන් මෙම වසර තුළ වැඩ වර්ජනයක නිරත වන දෙවන අවස්ථාව මෙයයි.

වර්ජනය හේතුවෙන් අයිෆල් කුළුණ නැරඹීමට පැමිණ සිටින දෙස් විදෙස් සංචාරකයින් දැඩි අපහසුතාවකට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here