තෙලඟනා ප්‍රාන්ත මන්ත්‍රී ලස්යා නන්දිතා ගමන් කරමින් සිටි රථය හයිද්‍රාබාද් නගරයේදී මාර්ගය වෙන් කිරීම සඳහා ඉදිකර ඇති බැම්මක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් අද(23) ජීවිතක්ෂයට පත් විය.
නන්දිතා මහත්මිය ගමන් කළ රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් හයිද්‍රාබාද් පොලිසිය ප්‍රකාශ කළේය.
රිය අනතුරු සිදුවූ ස්ථානයේදීම නන්දිතා මහත්මිය මිය ගොස් ඇති අතර රියදුරු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර කරන බවත් පොලිසිය පැවසුවා.
මිය යන විට ඇය 37වන වියේ පසුවුණා.